අනුටින් චාන්විරකුල් තායිලන්තයේ නව අග්‍රාමාත්‍ය ධුරයට

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (5) තේරීපත්විය. එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ඔහු මෙම ධුරයට පත්ව ඇත. අනුටින් චාන්විරකුල් මෙහිදී අගමැතිධූරයට පත්වුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයින් 311 දෙනෙකුගේ ඡන්ද ලබා ගනිමින්. තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකළ අතර, එම පුරප්පාඩුව වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විණි.
ලක්ෂ 10 බැගින් වන්දියක් ඇල්ල බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ. මේ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වටවල ප්‍රදේශයේදී අඩි පනහක පමණ ප්‍රපාතයකට ත්‍රීරෝද රථයක් පෙරළෙයි

ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. එම ත්‍රීරෝද රථය තුළ අනතුර සිදුවන අවස්ථාවේදී එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත. අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. […]
පාකිස්තානයේ දේශපාලන රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ දේශපාලන රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අදාළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 30 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. බලුකිස්තාන් ජාතික පක්ෂයේ සාමාජිකයින් සිය ගණනක් රැස්ව සිටි ක්වෙටා හි ක්‍රීඩාංගණයකට එලෙස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ප්‍රහාරකයා විසින් කිලෝග්‍රෑම් අටක බරින් යුත් පුපුරන […]
යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාර

රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේන ජාතිකයන් 03 දෙනක් ජීවිතක්ෂයට පත්වුණා. තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. මිසයිල ප්‍රහාර කිහිපයක් ද එල්ල වී ඇති බවයි යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කළේ. එහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබුවා. යුක්‍රේනයේ දිගු දුර ඩ්‍රෝන කිහිපයක් විනාශ […]
ඇල්ල බස් රථ අනතුරේ අතුරුදන් වූ කාන්තාවක් සොයා මෙහෙයුමක්

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 23 සහ 24 යන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් අනතුරින් බස් රථයේ සිටි තවත් කාන්තාවක් අතුරුදන්ව සිටින බව පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා. ඒ අනුව විපතට පත්වූවන් තවත් සිටිනවා දැයි සොයා අද (05) උදෑසනත් අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. […]
ශුද්ධ වු නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදයි

ශුද්ධ වූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට (05) යෙදී තිබෙනවා. මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරමින් ලොව පුරාසිටින ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිනවා. 40 වන වියේදී මුහම්මද් නබිතුමාණන්, ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් තෝරා ගැණුනු බව සඳහන්. ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි නායකතුමන් කළ කැපිකිරීම් අපිරිමිතයි. නබි නායකතුමන්ගේ ජන්ම දිනය ඉස්ලාම් භක්තිකයන්ට […]
ප්‍රදේශ රැසකට අද වැසි තත්වයක්

අද දිනයේ ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වලත්, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම […]
පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ අනතුරේ ජීප් රියදුරා අත්අඩංගුවට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවය. අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (04) රාත්‍රි 9ට පමණ සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 […]
ඇල්ලේ මාරක බස් අනතුරක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ. ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය. තවත් පුද්ගලයිත් 18 දෙනෙකු […]