‘කල්මේගි’ සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වේ

මේ වසරේ ආසියාවේ බලවත්ම නිවර්තන කුණාටුව වන ‘කල්මේගි’ සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වී තිබේ. කෙසේ වෙතත් වියට්නාමයට මේ වන විටත් අධික වර්ශාපතනයක් ඇද හැලෙන අතර ගංවතුර තත්ත්වයකට ද ඔවුන් මුහුණ දී සිටී. එමෙන්ම රටේ ගුවන්තොටුපොළ හයක් වසා දැමීමට නියෝග කර ඇති අතර ගුවන් ගමන්වාර සිය ගණනකට ඉන් බලපෑම් එල්ල වනු ඇති බවට ද එරට රජය […]

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා පත් කිරීමට ගැසට් නිවේදනයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා පත් කිරීම, සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා පත් කිරීම, මේ මස 28 වැනිදා සිදුකරන බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ. වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර ඔක්තෝම්බර් 22 වැනිදා පෙරවරුවේ වෙඩි වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සභාපතිවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු […]

හෙරොයින් සහ අයිස් සමග මත්ද්‍රව්‍ය 04 දෙනෙකු අත්අඩංගුවට

 හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රැම් 500 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 680ක් සමග 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාශය හෝමාගම වෑකන්ද ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීය. අත්අඩංගුවට ගත් පිරිස අතර 22 හැවිදිරි කාන්තාවක් ද වෙයි.සෙසු සැකකරුවන් තුන්දෙනා  22 , 25 සහ 34 වයස්වල පසුවන්නන් ය. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් බව කියන යතුරු […]

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩුව ගැන දැනුම්දීමක්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර හෙට (07) දිනෙන් අවසන් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ පාසල්වල දෙවන අදියර දෙසැම්බර් 08 වන දින ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල දෙවන අදියර නොවැම්බර් 24 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම්දෙයි.

පිලිපීනයට බලපා ඇති ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 114 අධික පිරිසක් ජිවිතක්ෂයට

පිලිපීනයට බලපා ඇති ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 114 අධික පිරිසක් මිය ගොස් තිබේ. ඊයේ (05) ඇති වූ මෙම සුළි කුණාටුව මේ වසරේ මධ්‍යම පිලිපීනයේ ඇති වූ ප්‍රබලතම සුළි කුණාටුව වන බව එරට මාධ්‍ය පවසයි.  ‘කල්මේගි’ සුළි කුණාටුව හේතුවෙන් කලාපයේ වඩාත්ම ජනාකීර්ණම දූපත වන ‘සෙබු’ නගරය ජලයෙන් යට වී ඇති අතර, එහි පමණක් මරණ 71ක් වාර්තා […]

තලල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි 19 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

ගන්දර පොලිස් වසමේ තලල්ල මුහුදු වෙරළේ දිය නාමින් සිටි තරුණයෙකු දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වී ඇති බවට ගන්දර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඊයේ (05) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර, එලෙස අතුරුදන්ව ඇත්තේ, අවුරුදු 19ක් වූ රංසෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ තරුණයා තවත් පුද්ගලයින් 05 දෙනෙකු සමඟ වෙරළ තීරයේ […]

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ පාසල් වේලාව දීර්ඝ කිරීමට රජය ගෙන තිබෙන අවසන් තීරණය හෙටට පෙර දැනුවත් කරන්න

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ පාසල් වේලාව සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට රජය ගෙන තිබෙන අවසන් තීරණය සම්බන්ධයෙන් නොවැම්බර් 07 දාට පෙර අධ්‍යාපන වෘත්තීය සමිති දැනුවත් කරන ලෙස ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඉල්ලා සිටී. එම තීරණයේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් දෙසැම්බර් මුල් සතිය තුළ වැඩවර්ජනයක් කැඳවන බව ද ඊයේ (05දා) කොළඹ පැවැති අධ්‍යාපන […]

ලබන වසර (2026) සඳහා වන අය-වැය හෙට

ලබන වසර (2026) සඳහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (07දා) පස්වරු 01.30ට පමණ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය වේ. ජනාධිපතිවරයා විසින් හෙට අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට පසුදින (08දා) සිට අයවැය දෙවැනි වර කියවීමේ විවාදය සතියක් පුරා පැවැත්වෙයි. පසුව තෙවැනි […]

දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු දියේ ගිලී ජිවිතක්ෂයට

හලාවත ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනැමට ගිය ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පුද්ගලයින් පිරිසක් අතරින් 10 දෙනෙකු ඊයේ (05)පස්වරුවේ දැදුරු ඔයේ පාලම යට දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි පුද්ගලයින් පස් දෙනෙකු දියේ ගිලී ඇති අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් […]