කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබූ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට

කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට පසුගිය (31) වැනිදා වෙඩි තැබූ සැකකරු කලවාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලවාන කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලැබුණු තොරතුරක් මත සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.  ඔහු කලවාන එළවැල්ල ප්‍රදේශයේ නිවසක සැඟව සිට ඇති අතර ඔහු සන්තකයේ තිබී වෙඩි තැබීම […]

මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් කුඩා ළමයින් ඇතුළු 23 දෙනෙකු මරුට

වයඹදිග මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින බවය.   එමෙන්ම මෙම ගින්න හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන් වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ද පවත්වන බව විදෙස් […]

රබර් කම්හලක බොයිලේරුවක් පිපිරීමකින් තරුණයෙකු ජිවිතක්ෂයට

යටියන්තොට, කිරිපෝරුව වතුයායේ රබර් කම්හලක සිදුවු බොයිලේරුවක් පිපිරීමකින්  පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තබේ. රබර් කිරි සමඟ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරන බොයිලේරුවක් අද (02) උදෑසන මෙලෙස පුපුරා ගොස් ඇති බව පොලීසිය පැවසීය. පිපිරීමෙන් අදාළ බොයිලේරු යන්ත්‍රය අසල සේවය කරමින් සිටි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්ය. මියගොස් ඇත්තේ 25 හැවිරිදි පුද්ගයෙකු බව පොලීසිය […]

ත්‍රිරෝද රථය සේදීම සඳහා කැළණි ගඟට ගිය තරුණිය දියේ ගිලී මරුට

වැල්ලම්පිටිය, කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට ඇද වැටී 21 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ත්‍රිරෝද රථයක් සේදීම සඳහා බාල්දියක් ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී මෙම තරුණිය කැලණි ගඟට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.  ඇය බේරා ගැනීම සඳහා ඇයගේ 25 හැවිරිදි පෙම්වතා ද ගඟට පැන ඇති අතර ඔහු බේරා ගැනීමට ඔවුන් සමග පැමිණි පිරිසට හැකිවුණත් තරුණිය දියේ […]

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක පිහි ප්‍රහාරයක් – 10 දෙනෙකුට බරපතල තුවාල

එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර […]