ඕස්ට්‍රේලියාවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයකදී පන්දුවට පහර දෙමින් සිටියදී හිසට පන්දුවක් වැදී ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයකදී පන්දුවට පහර දෙමින් සිටියදී හිසට පන්දුවක් වැදී 17 හැවිරිදි බෙන් ඔස්ටින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුව වූ ඔහුල මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ජීවිතාරක්ෂක ආධාරක ලබාදී තිබුණද ඔහුගේ ක්‍රිකට් සමාජය වන ෆර්න්ට්‍රි ගලි ක්‍රිකට් සමාජය අද (30දා) උදෑසන ඔහු ජිවිතක්ෂයට පත්වීම නිවේදනය නිවේදනය කළේය.
වැලිගම සභාපති ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 07 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනෙකු නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. අද (30) අදාළ සැකකරුවන් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවට ඉදිරිපත්කළ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදුන්නේය. මෙම ඝාතන සිද්ධියට අදාළව වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව […]
නොරෝච්චෝල ප්‍රදේශයේ දී මරණයට පත් වූ ධීවරයින් දෙදෙනාගේ මරණ ගැන විවෘත තීන්දුවක්

නොරෝච්චෝල නාරක්කල්ලිය ප්‍රදේශයේ දී වෙරළට පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මරණයට පත් වූ ධීවරයින් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ. පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසන්න අප්පුහාමි මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ප්‍රකාශ කළේ එම ධීවරයින්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා වැඩිදුර […]
ස්ථාන 02 කින් නාඳුනන පිරිමි මෘත ශරීර තුනක්

මට්ටක්කුලිය සහ පමුණුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නාඳුනන පිරිමි මෘත ශරීර තුනක් සොයාගෙන තිබේ. මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ සහ කැළණි ගඟ මෝයකට අසල තිබී නාඳුනන පිරිමි මෘත ශරීර දෙකක් හමුව ඇති අතර අනෙක් පිරිමි මෘත ශරීරය පමුණුගම, එපාමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසක පිටුපස ඇති ඉඩමේ තිබී හමුව ඇත. මෙම පුද්ගලයා අවසන් වරට […]
කුලියාපිටිය බන්ධනාගාරයේ රැඳවියෙකු සරමෙන් ගෙල වැලලාගෙන මියයයි

ඊයේ (29) දහවල් කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඇඳ සිටි සරමෙන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. සැකකරු ගෙල වැලලාගෙන තිබෙන බවට දැනගත් පසු ඔහුව රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණා. නමුත්, ඒ වනවිටත් සැකකරු මියගොස් සිට තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඇරෑපොල සිරිපැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධ චෝදනා රැසක් එම සැකකරුට එරෙහිව එල්ලවී […]
‘මෙලිසා’ සුළි කුණාටුව හේතුවෙන් කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට

‘මෙලිසා’ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට කැරිබියන් දූපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටියි. මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙසින් සැලකෙන මෙලිසා සුළි කුණාටුව සමග ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. එමෙන්ම ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර, සමස්තයක් ලෙස එරටින් හතරෙන් තුනකට විදුලිය නොමැත […]
ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රාවක් අනතුරට

මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, අදාළ නෞකාව මේ වන විට බහුදින ධීවර යාත්‍රාව අනතුරට පත් වු ස්ථානය වෙත පිටත් කර හැර ඇති බවය. ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින් […]