යුක්‍රේනයේ කිව් අගනුවරට ගුවන් ප්‍රහාරයක්

යුක්‍රේනයේ කිව් අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් තුන්දෙනෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් 06 දෙනෙකු ද සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ. කිව් අගනුවර ඩෙස්නියන්ස්කි ප්‍රදේශයේ මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර, ගොඩනැගිල්ලේ සිරව සිටි පුද්ගලයින් 13 දෙනෙකු බේරාගත් බව එරට රාජ්‍ය හදිසි […]
වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී ය. ඊට රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබී තිබුණි.
වැලිගම සභාපති ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 2ක් ගාල්ලේ දී අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාව ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මාතර දිසා අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔවුන් ගාල්ලේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
රත්මලානේදි පොලිස් අණ නොතකා වෙනත් වාහන අනතුරට ලක් කරමින් ගිය වැන් රථ රියදුරු ගැන අනාවරණය වු තොරතුරු

රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් ඊයේ (25) වෙඩි තබා තිබෙනවා. එම වෑන් රථයේ රියදුරු වෑන් රථය දමා පළා යාමට තැත් කිරීමේදී ඔහුව අත්අඩංගුවට ගෙන පසුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. පිළියන්දල, සුවාරපොල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සුවාරපොළ සිට රත්මලාන දෙසට […]