බැකෝ සමන්ට අයත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගැනේ

බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත. ඉන් එක් බස් රථයක් කටුනායක පිහිටි විදේශිකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව සඳහන්. එමෙන්ම රුපියල් කෝටි 2.5ක් පමණ වටිනාකමින් යුත් අනෙක් බස් රථය මොනරාගල – කොළඹ […]
යුක්‍රේනයට වඩාත් දියුණු ප්‍රහාරක ජෙට් යානා 150ක් ස්වීඩනයෙන්

යුක්‍රේනයට වඩාත් දියුණු ප්‍රහාරක ජෙට් යානා 150ක් අලෙවි කිරීමට ස්වීඩනය සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නේටෝ සංවිධානයේ නව සාමාජිකයෙකු වන ස්වීඩනය යුක්‍රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබාදීම සඳහා වන ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. කෙසේ වෙතත් මෙහි පිරිවැය කොතෙක් ද යන්න සහ ලබාදෙන දිනයන් පිළිබඳ තවමත් තීරණය කර නැහැ. නේටෝ රාජ්‍යයකින් යුක්‍රේනයට ලැබෙන විශාලතම ප්‍රහාරක […]
විපක්ෂය අද කළු ඇඳුමින් පාර්ලිමේන්තුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය අද(23) කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව තුළ දවස පුරා සංකේතාත්මක විරෝධතාවයක නිරත වුණා. මේ සම්බන්ධයෙන් මුලින්ම අදහස පහළ වී ඇත්තේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාට . ඊයේ(22) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව විපක්ෂ නායක […]
මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් පුද්ගලයින් 78ක් ජිවිතක්ෂයට
මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එරට බලධාරීන් සඳහන් කළේය. අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වූ අතර පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අද රන් මිල රු 10,000කින් පහළට

මෙරට රන් මිල පසුගිය සතියට සාපේක්ෂව රු 77,000කින් පමණ පහළ ගොස් ඇති අතර, අද (23) දී පමණක් රන් මිල රු 10,000කින් පහළ ගොස් ඇත. ඒ අනුව අද (23) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 302,300ක් දක්වා පහළ ගොස් තිබේ. පසුගිය සිකුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය.
වාද්දුව හෝටලයක ගින්නක්

වාද්දුව සංචාරක හෝටලයක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසනවා. මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන තිබේ. කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කරමින් සිටී. දෙවන මහලේ පැවති ගින්න හේතුවෙන් තෙවන මහලේ සිරව සිටී අයවළුන් බේරාගැනීමට දිගු ඉනිමගක් ආධාරයෙන් ගිනි භටයින් තෙවන මහලට ගොඩවී […]
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී සමාගම් 06ක් – බලශක්ති ඇමැති

2025 අංක 14 දරන සංශෝධිත විදුලිබල පනත ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී සමාගම් 06ක් ස්ථාපිත කරන බව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය. ඒ අනුව එම සමාගම් වන්නේ නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් ප්‍රොවයිඩර් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ටි්‍රසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ටි්‍රසිටි ඩිස්ටි්‍රබියුෂන් ලංකා ප්‍රයිවට් […]
මාරක රිය අනතුරකින් පාසල් සිසුවෙකුට දිවි අහිමි වෙයි

බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර – හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් හොරණ දෙසට ධාවනය වූ බස් රථයක ගැටී මාරක අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ යටියන, බණ්ඩාරගම ප්‍රදේශයේ […]
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ඝාතකයින් සොයා CCTV දර්ශන ඔස්සේ විමර්ශන

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් කිත්සිරි ජයලත් මහතා පැවසුවේය. ඊයේ (22) උදෑසන වැලිගම ප්‍රාදේශීය සභාව තුළදී එහි සභාපති ලසන්ත වික්‍රමසේකර […]