රත්‍රන් ආනයන බද්ද 5% දක්වා අඩු කරන ලෙස රජයෙන් ඉල්ලයි

ලෝක රන් වෙළඳපොළේ වේගයෙන් මිල ඉහළ යන බැවින් රත්‍රන් ආනයන බද්ද 15% සිට 5% දක්වා අඩු කරන ලෙස ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා තිබේ. මේ සම්බන්ධ යෝජනා මාලාවක් ද එම සංගමය විසින් මුදල් අමාත්‍යංශයට ලබා දී ඇත. වර්තමානයේ පවතින අධික මිල ගණන් යටතේ ශ්‍රී ලාංකිකයන්ට රත්‍රන් ලබා ගැනීම ඉතා අපහසු වන බව […]
දිවයිනේ බලපා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් එක් අයෙකු මරුට , පුද්ගලයන් 396 ක් පීඩාවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් ඊයේ (19දා) වන විට කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක පවුල් 99 කට අයත් පුද්ගලයන් 396 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර එක් මරණයක් ද වාර්තා වී ඇත. අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ 57 හැවිරිදි මුදලිහාමිගේ ඉලංගරත්න නමැති අය ජල පහරකට […]
මොරොක්කෝවේ තරුණ කණ්ඩායම් එරට රජයට විරෝධය පළකරමින් විරෝධතා

මොරොක්කෝවේ තරුණ කණ්ඩායම්ද එරට රජයට විරෝධය පළකරමින් විරෝධතා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සති කිහිපයක සිට මොරොක්කෝවේ නගර කිහිපයකදීම එරට රජයට විරෝධය පළකරමින් තරුණ කණ්ඩායම් විරෝධතා සංවිධාන කර තිබුණා. දූෂණය වංචාව හා නව ව්‍යාපාර ආරම්භ කිරීමට නොහැකිවීම යන කරුණු මුල්කර ගනිමිනුයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ. මොරොක්කෝවේ ඇමතුම් කේතය අනුව එම කණ්ඩායම ජෙන් සි ටූහන්ඩ්‍රඩ් […]
ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

මුන්දලම පොලිස් වසමේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඉස්සන් ගොවිපොළක ජල ටැංකියකට වැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වූ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා අපස්මාර රෝගී තත්ත්වයෙන් ජල ටැංකියට වැටී ඇති බවට දැනට සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත. මුන්දලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
හොංකොං භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා මුහුදට වැටෙයි

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී තිබේ. අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන්තොටුපොළ වාහනයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුර්කි භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක් වන Air ACT සතු බෝයිං 747-481 ගුවන් යානයක් […]