ප්‍රංශයේ හිටපු ජනාධිපතිට පැනවූ සිර දඬුවම අඟහරුවාදා සිට ක්‍රියාත්මකයි

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිට පැනවූ සිර දඬුවම අඟහරුවාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. සිය 2007 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ලිබියානු අරමුදල් ලබා ගැනීමේ සැලැස්මක් සම්බන්ධයෙන් මෙම සිර දඬුවම නියමවන බවයි විදෙස් වාර්තා පවසන්නේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යුරෝපා සංගම් රටක හිටපු ප්‍රධානියෙකුට සිර දඬුවම් නියම වූ පළමු පුද්ගලයා වන්නේ ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයා බවය. ලිබියානු නායක […]
බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 කට තුවාල

රාගම, බටුවත්ත ප්‍රදේශයේදී සිදුවු බස් රථ අනතුරකින් ළමුන් 09 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක බාලදක්ෂයින් පිරිසක් බටුවත්ත මහා විද්‍යාලයේ ජම්බෝරියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවය. බස් රථය බැම්මක් ගැටී, පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් පොලීසිය සැකපළ […]
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දුනීසියාවේ පැපුවා පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ මෙම භූ කම්පනය ඉන්දුනිසියාවේ සර්මි දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 40ක් ගැඹුරින් හටගෙන ඇති බවය. භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති […]
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සටන් විරාමය සඳහා එකඟ වෙයි

ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සටන් විරාමයක් සඳහා එකඟ වී තිබේ. කටාර් සහ තුර්කියේ මැදිහත්වීමෙන් දෝහා හි පැවති සාකච්ඡාවලින් පසු පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර ක්ෂණික සටන් විරාමයකට එකඟ වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර හටගෙන ඇති දේශසීමා ගැටලු විසඳාගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් දෙරටේ නියෝජිතයින් සමග ඊයේ කටාර්හි දෝහා අගනුවර දී ආරම්භ විය […]
අමෙරිකා එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ දැවැන්ත විරෝධතා මාලාවක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසි, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පවත්වා ඇති අතර ඒ සඳහා දහස් ගණන් අමෙරිකානු ජනතාව එක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් වන අයුරින් ජනපති […]
අග්‍රාමාත්‍යවරිය දිවයිනට

ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරිය ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 16 වනදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණි. සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ […]