පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී ඇත. ඒ අනුව පාකිස්තාන වේලාවෙන් අද (15) සවස 6 සිට පැය 48ක කාලයක් සඳහා මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟවී තිබේ. මෙම සටන් විරාමයට පාකිස්තාන ඉල්ලීමක් මත සිය එකඟතාව පළකළ බව තලේබාන් පරිපාලනය පවසයි. ඇෆ්ගනිස්තානය-පාකිස්තාන දේශසීමාවේ ඇතිව තිබෙන මෙම ගැටුම් මේ වනවිට දෙපාර්ශ්වයේම සිවිල් […]

අගමැති හරිනි හෙට සිට ඉන්දියාවේ නිල සංචාරයක

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙට (16) ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. හෙට සිට එළැඹෙන 18 වනදා දක්වා අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ. අග්‍රාමාත්‍යවරියගේ එම සංචාරය අතරතුරදී, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම ඉහළ මට්ටමේ නියෝජිතවරුන් සමඟ ද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත. […]

මනුෂට ඇප හිමිවේ

ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඇප හිමිව ඇත. ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරුවේ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබීය.  ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම […]

පහේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

පස් වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණ ප්‍රතිඵල මත 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ 31/2025 චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඊයේ (14) නිකුත් කරනු ලැබීය.  එම චක්‍රලේඛයේ විස්තර www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

අගමැති හරිනි සිය චීන සංචාරය නිමා කරමින් අද දිවයිනට

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සිය චීන සංචාරය නිමා කරමින් අද (15) අලුයම කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි තිබේ. චීනයේ බීජිං හි  පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 11 වනදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියාය. ඒ අනුව ඇය අද අලුයම 4.45ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන්සේවයට අයත් UL […]

නීතීඥ ගුණරත්න වන්නිනායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙහිදී පොලිස්පතිවරයා, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටී. පසුගියදා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියකට බාධාවක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට […]

මනුෂ අල්ලස් කොමිෂන් සභාව වෙත එයි

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මනුෂ නානායක්කාර මහතා මෙලෙස කැඳවා ඇත. කෙසේවෙතත් අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර […]

ඉෂාරා සෙව්වන්දි අද දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි අද (15) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව බව පොලිස් ආරංචි මාර්ග පවසයි. නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී ඇය නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටිය දී අත්අඩංගුවට ගනු ලැබීය. ඉෂාරා […]

පස්සර පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (15) අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංච සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම මරණකරු රැකියාව ලෙස පතල් කැණීම් කටයුතුවල යෙදී සිටින අතරතුර මෙලෙස පස් කන්දක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට […]