හොරණ මොරගහහේන මාර්ගයේ මාරක රිය අනතුරක්

හොරණ මොරගහහේන මාර්ගයේ, මොරගහහේන කනන්විල ප්‍රදේශයේ අද (04) දහවල් සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවළක් මියගොස් තිබේ. මොරගහහේන දෙස සිට හොරණ දෙසට ගමන් කළ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් අනෙක් මංතීරුවේ ධාවනය වූ ලොරි රථයේ […]
බැකෝ සමන්ගේ මස්සිනා අත්අඩංගුවට

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ මස්සිනා අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. අද පස්වරුවේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සැකකරු බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු විසින් බැකෝ සමන්ගේ සියලු මූල්‍ය කටයුතු පාලනය කර ඇති අතර ඔහු සතුව තිබී අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 555ක්, පිස්තෝලයක් සහ මැගසිනයක් සොයාගෙන තිබේ. […]
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට අද පස්වරු 6.00 සිට හෙට (05) පස්වරු 06.00 දක්වා බලපැවැත්වෙන බවය. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, […]
ස්වීඩන තානාපති සහ විදේශ කටයුතු, අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්

නවදිල්ලියේ නේවාසිකව සිටින මෙරට ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් සහ විදේශ කටයුතු, අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ මෙම හමුව එම අමාත්‍යාංශයේදීයි සිදුව ඇත්තේ. එහිදී රජය ගත වූ වසරක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව විදෙස් අමාත්‍යවරයා විසින් ස්වීඩන තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා. එමෙන්ම නව ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ස්වීඩන ව්‍යාපාරිකයන් දැනුවත් කරන ලෙසයි අමාත්‍ය […]
දෙහිවල වෙඩිතැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල දුම්රියපොළ අසලදී පසුගිය ජුලි 18 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකෙරුණි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කල විමර්ශනයකින් අනතුරුව අදාළ වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ සැකකරු අතුඅඩංගුවට ගෙන තිබේ. […]
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (04) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත් සහ කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. අකුණු මඟින් […]
හිටපු රැප් ගායක කොම්බිස් ට මාස 50 ක සිර දඩුවමක්

අමෙරිකානු හිටපු රැප් ගායකයෙකුවන 55 හැවිරිදි කොම්බ්ස් ලිංගික ජාවාරම් සහ කප්පම් ගැනීම් චෝදනාවලින් නිව්යෝර්ක් ජූරි සභිකයන් 12 දෙනෙකු විසින් (මෙම චෝදනා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි ඒවා විය) නිදොස් කොට නිදහස් කර තිබුණා. කෙසේ නමුත්, ඔහුගේ හිටපු පෙම්වතියන් දෙදෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා ප්‍රවාහනය කිරීමේ චෝදනාවට ඔහු වරදකරු බවට අධිකරණය ඊයේ (03) තීරණය කර […]
අද සවස් කාලයේ තද වැසි

අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එබැවින් ඇති වියහැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]