ඖෂධ වැඩි මිලට අලෙවි කිරීම වැළැක්වීමට මිල පාලන යාන්ත්‍රණයක්

ඖෂධ වැඩි මිලට අලෙවි කිරීම වැළැක්වීම සඳහා මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බවත්, ඉන් පසු ලෝකයේ තිබෙන හොඳම ඖෂධ සාධාරණ මිලකට ලබා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවනු ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ මහනුවර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්. මිල පාලන යාන්ත්‍රණයේ සුළු වැඩකටයුතු කිහිපයක් […]
බලවත්ම සුළි කුණාටුව හොංකොං වෙත ළඟා වෙයි

මේ වසරේ ලොව බලවත්ම නිවර්තන සුළි කුණාටුව ලෙස සැලකෙන “රගසා” (Typhoon Ragasa) හොංකොං වෙත ළඟා වීමත් සමඟ නගරයේ ක්‍රියාකාරකම් මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බව වාර්තා වනවා. බලධාරීන් විසින් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන “ටයිෆූන් සිග්නල් 10” නිකුත් කර ඇති අතර, ව්‍යාපාර සහ ප්‍රවාහන සේවා වසා දමන ලෙස ජනතාවට උපදෙස් දී තිබෙනවා. හොංකොං පදනම් කරගත් […]
තායිලන්තයේ බැංකොක්හි රෝහලක් ආසන්නයේ ඇතිවූ අඩි 164ක් පමණ ගැඹුරට දැවැන්ත ගිලාබැසීමක්

තායිලන්තයේ බැංකොක්හි රෝහලක් ආසන්නයේ ඇතිවූ අඩි 164ක් පමණ ගැඹුරට සිදුවූ දැවැන්ත ගිලාබැසීමක් හේතුවෙන් ප්‍රදේශයේ ජලය, විදුලිය, ගමනාගමනය ඇතුළු බොහෝ කටයුතු අඩාල වී තිබෙනවා. වැජිරා රෝහල ඉදිරිපිට සිදුවූ මෙම ගිලාබැසීම වර්ග මීටර් 900ක් පමණ දක්වා විහිදී ඇති බවයි එරට වාර්තා පැවසුවේ. බැංකොක් ආණ්ඩුකාර චැඩ්චාට් සිත්තිපුන්ට් පැවසුවේ, නලයක් පුපුරා යාම හේතුවෙන් ජල හා විදුලි රැහැන් ද කපා […]
ට්‍රම්ප් නිසා ප්‍රංශ ජනපති අමෙරිකාවේ දී මහපාරේ පයින් යයි

අමෙරිකාවේ නිවයෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගනිමින් කළ කතාවෙන් පසුව ප්‍රංශ ජකනපති එම්මානුවෙල් මැක්රෝන්ට පැය බාගයක් පමණ නිව්යෝර්ක් හරහා දෙපයින් ඇවිද යාමට සිදුව තිබෙනවා. එරට වාර්තා පවසන්නේ ඔහුගේ රථය නැවැත්වීම නිසා ඔහු මෝටර් රියෙන් පිටතට පැමිණ එතැන සිටි පොලිස් නිලධාරියකු සමග කතා කළ බවයි. එම්මානුවෙල්ගේ රථය ඇතුළු මාර්ගයේ සියලු […]
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා එළැඹෙන මස 8වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක අද (24) නියෝග කළේය. අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට හිටපු නාවික හමුදාපතිවරයාට අමතරව හිටපු බුද්ධි ප්‍රධානි රියර් අද්මිරාල් […]
ජනාධිපති අද පස්වරුවේ මහා මණ්ඩලය අමතයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද එරට වේලාවෙන් පස්වරු 3.15 ට පමණ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 80 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ආරම්භ කෙරුණේ ඊයේ දිනයේයි. මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ තවත් […]
විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි වෙයි

ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි. එහි සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, අද දහවල් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු වෘත්ති සමිති එක්ව අවසන් තීරණයක් ගන්නා බවය.
අද කාලගුණ තත්වය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]