මගීන් 200කට වැඩි පිරිසක් සමග ඉන්දීය ගුවන් යානයක් කඩා වැටෙයි..

සර්දාර් වල්ලභ්බායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මගීන් 242 රැගත් ලන්ඩන් බලා ගමන් කළ ගිවන් යානයක් ගුවන්ගත වීමේදි කඩාවැටුනු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා එයාර් ඉන්දියා සමගමට අයත් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කල ගුවන් යානය ගුවන්ගතවි මිනිත්තු කිහිපයකට පසු කඩා වැටීමට ලක්වී තිබෙනවා.

ජාතික සත්ත්ව සංගණන වාර්තාව එළියට

පසුගිය මාර්තු 15 වනදා සිදුකළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අද (12) ප්‍රකාශයට පත් කළේය. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේදීය. ඒ අනුව මෙරට තුල විවිද ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්රිලව් – මිලියන 5.17වඳුරන් – මිලියන 1.74දඬුලේනා – මිලියන 2.66මොනරුන් – මිලියන 4.24සිටින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසන ලදී.

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇත. ජනාධිපති සමාව අවභාවිතා කරමින්, අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක අතර, ඒ අතරතුර මෙලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා අස්වීම භාරදී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා […]