යුද උණුසුම හේතුවෙන් IPL නවතී

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. එමෙන්ම මේ දිනවල පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමග නතරකර, තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් අද තේරී පත්විය.69වන වියේ පසුවන උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත.එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්විය.ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත.88 […]