අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ. පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බවය. එහෙත් එම අණ නොතකා මෝටර් රථය ධාවන කර තිබේ. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව සඳහන්ය. නොනවත්වා […]

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම අවසාන දිනය අද

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් වේ. මහජන අදහස් ලබාගැනීම සියලු පළාත් ආවරණය වන පරිදි පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා සිට ආරම්භ වු අතර අද අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මඟින් ලංකා […]

ඉන්දියවේ අධිවේගී මාර්ගයේ රසායනික ද්‍රව්‍ය තිබූ කන්ටේනර් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කළ ට්‍රක්රථක් දරුණු අනතුරක්

ඉන්දියවේ ජායිපූර්-අජ්මීර් අධිවේගී මාර්ගයේ රසායනික ද්‍රව්‍ය පටවා තිබූ කන්ටේනර් රථයක් සහ LPG ගෑස් ප්‍රවාහනය කළ ට්‍රක්රථක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (07) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරත් සමඟ විශාල පිපිරීමක් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් අතර එක් රථයක රියදුරෙක් ද සිටින බවයි ජයිපූර් පොලිසිය […]

ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (08) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි […]