තායිලන්තයට බලපෑ බුවාලෝයි සුළි කුණාටුවෙන් හතක් මරුට

තායිලන්තයට බලපා ඇති ‘බුවාලෝයි‘ සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ. තවත් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම ආපදාවලින් පුද්ගලයින් 60,294 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර නිවාස 16,740ටද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන

ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති ශෝචනීය පුවතක් කිලිනොච්චිය, තිරුවයියාරු ප්‍රදේශයෙන් වාර්තා වේ. ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණි. මෘත දේහය මරණ පරීක්ෂණය සඳහා කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන්ට භාරදීමට නියමිතය. මේ සම්බන්ධයෙන් කිලිනොච්චි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන බවය. එමෙන්ම යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් […]

අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. […]