නාය යෑමේ අනතුරු යළිත් දීර්ඝ කෙරේ

පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පනවා තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව අද (26) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදී එම අනතුරු ඇඟවීම් යළිත් දීර්ඝ කිරීමට පියවර ගන්නා බව එම සංවිධානය පැවසීය. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, යන […]
බණ්ඩාරගමදී බිහිසුණු අනතුරක්

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී වෑන් රථයක්, ටිපර් රථක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 11ක් තුවාල ලබා ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.
සම්පත් මනම්පේරි දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සම්පත් මනම්පේරි දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා සිය කොට්ඨාසයට අවසර ලබාදී ඇතැයි බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (26) දැනුම් දුන්නේය. මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැකකෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගරගතව සිටියි.
අමෙරිකානු සංචාරය නිම කර ජනපති ජපාන නිල සංචාරයක් අරඹයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානය බලා පිටව ගොස් තිබේ. ජනාධිපතිවරයා ඊයේ (25) රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත්ව ගොස් ඇත. ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දින සිට 30 වන […]
කොළඹ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත. දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැත. කෙසේ නමුත් වාහන එක් මන්තීරුවකින් පමණක් ගමන්කරන අතර, ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව කළුතර සහ මාතර දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා. ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
පාකිස්තාන කණ්ඩායම අවසන් මහා තරගයට

ආසියානු කුසලාන විස්සිය 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) සමත් විය. මෙහිදී පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 136ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි. ඉන්දීය කණ්ඩායම මේ වනවිට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින අතර, ඒ අනුව ඉන්දියාව හා පාකිස්තානය […]
අද කාලගුණ තත්වය

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි. එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් […]