හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තුන්දෙනා ඇප මත මුදාහරී ..

කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තුන්දෙනා ඇප මත මුදා හැරීමට ගම්පහ මහධිකරණය අද නියම කළා. ඒ, මෙම නඩුව ගම්පහ මහධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි. ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ […]
අයවැයෙන් ඉහළ දැමුණු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදීමට පියවර

අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 05කට අධික පිරිසකට එම ඉහළ දැමූ විශ්‍රාම වැටුප් හිමිවන බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කළේ.